මුත්‍රා ආසාදන

මුත්‍රා ආසාදන, ඔබගේ මුත්‍රාශය(කෝෂ්ඨ ප්‍රදාහය), මුත්‍රා මාර්ගය (මුත්‍රා මාර්ග ප්‍රදාහය) හෝ වකුගඩු (වෘක්ක ප්‍රදාහය) ඇතුළු ඔබගේ මුත්‍රා ගමන් කරන මාර්ගයේ විවිධ ප්‍රදේශවලට බලපෑ හැක. බොහෝමයක් මුත්‍රා ආසාදන, ප්‍රතිජීවක ඖෂධ මගින් ඉතා පහසුවෙන් සුව කළ හැක.

එය මුත්‍රා ආසාදනයක් ද කියා පරික්ෂා කර බලන්න

මුත්‍රා ආසාදනයක රෝග ලක්ෂණ වලට පහත දේ ඇතුළත් වේ:

  • හදිසියේ මුත්‍රා කිරීමට අවශ්‍ය වීම හෝ සාමාන්‍ය වේලාවට වඩා වැඩි වාර ගණනක්‌ මුත්‍රා කිරීමට අවශ්‍ය වීම
  • මුත්‍රා කරන විට වේදනාවක් හෝ දැවෙන සංවේදනයක් ඇති වීම
  • දුඟද හෝ අපහැදිලි, වලාකුළු වැනි අවලම්බයකින් යුක්ත මුත්‍රා
  • මුත්‍රා සමඟ රුධිරය පිටවීම
  • උදරයේ පහළ කොටසින් වේදනාවක් දැනීම
  • මහන්සියක් සහ අසනීප ස්වභාවයක් දැනීම
  • වැඩිහිටි පුද්ගලයන්ගේ, දැඩි ව්‍යාකූලත්වයක් හෝ කලබල ස්වභාවයක් ඇති වීම වැනි හැසිරීමේ වෙනස්‌කම් ඇතිවීම

වැදගත් ඩිමෙන්ශියාව (dementia) ඇති මිනිසුන්ගේ, මුත්‍රා ආසාදන රෝග ලක්ෂණ හඳුනාගැනීමට අපහසු විය හැක. මුත්‍රා ආසාදන ඇති දරුවන් පහත ලක්ෂණ පෙන්වයි:

  • සාමාන්‍යයෙන් අසනීප පෙනුමකින් යුක්තයි - ළදරුවන් නුරුස්සන ස්වභාවයකින් යුක්ත වීමට හැක, නිසි පෝෂණයක් නොමැති වීම සහ සෙල්සියස් අංශක 37.5 හෝ ඊට වැඩි ඉහළ ශරීර උෂ්ණත්වයක් තිබීම
  • ඇඳ තෙත් කිරීම හෝ තමන්වම තෙමා ගැනීම
  • දැවිල්ලක් ඇති වන නිසා හිතාමතා මුත්‍රා පිට කිරීම වළක්වා ගැනීම

හදිසි නොවන උපදෙස්: පහත ලක්ෂණ ඇත්නමි වෛද්‍යවරයෙකු හමුවන්න:

  • ඔබ මුත්‍රා ආසාදන රෝග ලක්ෂණ සහිත පිරිමි අයෙක් නම්
  • ඔබ මුත්‍රා ආසාදන රෝග ලක්ෂණ ඇති ගැබිනි මවක් නම්
  • ඔබගේ දරුවාට මුත්‍රා ආසාදන රෝග ලක්ෂණ ඇත්නමි
  • ඔබ මුත්‍රා ආසාදනයක් තිබීමට හැකි වැඩිහිටි කෙනෙකු බලාගන්නා අයෙක් නම්
  • ඔබට මීට පෙර මුත්‍රා ආසාදන තත්ත්වයක් ඇතිවී නොමැති නම්
  • ඔබගේ මුත්‍රා සමඟ රුධිරය පිට වෙනවා නම්
  • දින කිහිපයක් ඇතුළත ඔබේ රෝග ලක්ෂණ වැඩි දියුණු වන්නේ නැත්නම්
  • ප්‍රතිකාර කිරීමෙන් පසුව ඔබගේ රෝග ලක්ෂණ නැවත පැමිණෙනවා නම්

ඔබට ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වල රෝග ලක්ෂණ තිබේ නම්, ඔබට ලිංගික සෞඛ්‍යය සායනය මඟින් ද ප්‍රතිකාර ලබා ගැනීමට හැක.

හදිසි උපදෙස්: ඔබට මෙවැනි ලක්ෂණ තිබේ නම් වහාම උපදෙස් ලබාගන්න:

  • ඔබේ ශරිරය දෙපස හෝ පිටේ පහළ ප්‍රදේශයේ වේදනාව
  • ඉතා ඉහළ උෂ්ණත්වයක් හෝ ඔබට උණුසුම් බවක් හෝ වෙව්ලන ස්වභාවයක් දැනීම
  • ඔක්කාරය හෝ අසනීප ගතියකින් පෙළීම
  • පාචනය

මෙම රෝග ලක්ෂණ වලින්, ප්‍රතිකාර නොකළහොත් බරපතල විය හැකි වකුගඩු ආසාදනයක් පිළිබඳ හැඟවේ.

සහය ලබා ගැනීමට වෙනත් ක්‍රම ඔබගේ වෛද්‍ය හමුවේදී සිදුවන්නේ කුමක් ද ඔබගෙන් ඔබේ රෝග ලක්ෂණ පිළිබඳව අසාවි සහ ඔබට මුත්‍රා ආසාදනයක් තිබේ දැයි නිශ්චය කර ගැනීමට මුත්‍රා සාම්පලයක් දීමට සිදුවේවි. මුත්‍රා පරීක්ෂණයක් මගින් , ඔබගේ රෝග ලක්ෂණ වලට හේතු වීමට හැකියාව ඇති වෙනත් තත්වයන් බැහැර කිරීමට උපකාරී වේ. ඇතැම් විට පිරිමි අය සඳහා වෙනත් තත්වයන් පරික්ෂා කිරීමට, වේදනා රහිත, ස්වැබ් පරීක්ෂණය සිදු කරයි. මෙහිදී ශිෂ්ණයේ කෙලවර කුඩා පුළුන් කැබැල්ලකින් පිස දමා, පරීක්ෂා කිරීම සඳහා යවනු ලැබේ. එමගින් හානියක් සිදු නොවන නමුත් අපහසුතාවයක් දැනීමට හැකියාවක් ඇත.

මුත්‍රා ආසාදන සඳහා ප්‍රතිකාර කිරීම

මුත්‍රා ආසාදනයකට ප්‍රතිකාර කිරීම සඳහා ඔබගේ වෛද්‍යවරයා හෝ හෙදිය, ප්‍රතිජීවක නියම කිරීමට හැක. ඔබ ප්‍රතිකාර ඇරඹූ පසු, වැඩිහිටියන්ගේ දින 5 ක් ඇතුළත සහ දරුවන්ගේ දින 2 ක් ඇතුළත රෝග ලක්ෂණ ඉවත් වීම ඇරඹිය යුතුය. ඔබට සුවයක් දැනීමට ආරම්භ වුවත්, නියම කළ ප්‍රතිජීවක ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අවසන් කිරීම වැදගත් වේ. දැඩි ලෙස මුත්‍රා ආසාදනයකින් පෙළෙන ඇතැමුන් ප්‍රතිකාර සහ පරීක්ෂණ සඳහා රෝහල වෙත යොමු කෙරේ. ඔබට දින කිහිපයක් රෝහලේ නැවතීමට සිදු විය හැක. පිරිමි අය සහ දරුවන් සඳහා රෝහල් ප්‍රතිකාර ලැබිමේ ඉඩකඩ වඩා වැඩි වේ.

නැවැත නැවැතත් ඇති විය හැකි මුත්‍රා ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමප්‍රතිකාර කිරීමෙන් පසු ඕනෑම වේලාවක නැවැතත් ඔබගේ මුත්‍රා ආසාදනය ඇති වුවහොත්, සාමාන්‍යයෙන් ඔබට දිගු ප්‍රතිජීවක මාලාවක් නියම කෙරේ. ඔබට දිගින් දිගටම මුත්‍රා ආසාදන ඇති වුවහොත් සහ ප්‍රතිකාර ක්‍රමානුකූලව අවශ්‍ය වුවහොත්, ඔබගේ වෛද්‍යවරයා ඔබට නැවැත නැවැතත් ප්‍රතිජීවක නියම කරනු ඇත.

ඔබ විසින් සිදු කළ හැකි දේවල්

සුළු මුත්‍රා ආසාදන බොහෝ විට දින කිහිපයක් පමනක් පවති. ඔබගේ රෝග ලක්ෂණ නැති වන තෙක් වේදනාව අඩු කර ගැනීමට:

  • පැරසිටමෝල් ගන්න - ඔබට දරුවන් සඳහා ද්‍රව පැරසිටමෝල් ලබා දිය හැක
  • ඔබගේ උදරය මත, පිටෙහි හෝ ඔබගේ කලවා අතර උණු වතුර බෝතලයක් තබන්න
  • ගිමන් හැරීම සහ බොහොමයක් දියර වර්ග පානය කරන්න - ඔබගේ සිරුරට, බැක්ටීරියා ඉවත් කර ගැනීමට මෙය උපකාරී වේ

ඔබට සුවයක් දැනෙන තෙක් ලිංගිකව එකතු වීමෙන් වැළකී සිටීම ද මේ සඳහා උපකාර විය හැක. ඔබට මුත්‍රා ආසාදනයක් ඔබගේ සහකරුවාට සම්ප්‍රේෂණය කළ නොහැකි නමුත් ලිංගිකව එකතු වීම අපහසු විය හැක. වැදගත් ඔබට වකුගඩු ආසාදනයක් තිබේ නම් ඉබියුප්‍රෝෆීන් (ibuprofen) හෝ ඇස්පිරීන් (aspirin) වැනි වේදනා නාශක ගැනිමෙන් වැළකී සිටින්න. මෙය වකුගඩු ආබාධ සෑදීමේ අවදානම වැඩි කළ හැක. ඔබ නියම කළ ඖෂධ කිසිවක් නැවැත්වීමට පෙර, ඔබගේ වෛද්‍යවරයාට කතා කරන්න.

මුත්‍රා ආසාදන සඳහා හේතු

මුත්‍රා ආසාදන සාමාන්‍යයෙන් ඇති වන්නේ මළ වල තිබෙන බැක්ටීරියා මුත්‍රා මාර්ගයට ඇතුළු වීමෙනි. බැක්ටීරියා ඇතුළු වන්නේ ශරීරයෙන් මුත්‍රා එළියට ගෙන යන නාලය හරහායි. (මුත්‍රා මාර්ගය). පිරිමින්ට වඩා කෙටි මුත්‍රා මාර්ගයක් කාන්තාවන්ට ඇත. මෙයින් අදහස් වන්නේ මුත්‍රාශයට හෝ වකුගඩු තුළට ඇතුළු වීමට බැක්ටීරියා වඩාත් වැඩි ඉඩකඩක් ඇති බව සහ ආසාදනයකට හේතු වන බවත්ය. මුත්‍රා ආසාදන ඇති වීමට හේතු වලට මේවා ඇතුළත්ය:

ඔබට හැම විටම මුත්‍රා ආසාදන වළක්වන්නට නොහැක

ඔබට මුත්‍රා ආසාදන වළක්වා ගැනීමට උත්සහ කිරීමට හැකි ඇතැම් දේවල් තිබේ. කළ යුතු දේ

  • ඔබ වැසිකිළියට යන විට ඉදිරියේ සිට පිටුපසට පිස දමන්න
  • ඔබ මුත්‍රා කරන විට සම්පූර්ණයෙන්ම මුත්‍රාශය හිස් කිරීමට උත්සහ කරන්න
  • ඇති තරම් ජලය පානය කරන්න
  • නාන බේසම වෙනුවට වතුර මල් යොදා ගැනීම
  • ලිහිල් කපු යට ඇඳුම් ඇඳීම
  • ලිංගිකව එකතු වූ වහාම මුත්‍රා කරන්න
  • ඔබගේ බබාගේ හෝ සිඟිත්තාගේ නැපි ක්‍රමානුකූලව මාරු කිරීම

නොකළ යුතු දේ

  • සුවඳ කළ පෙණ සහිත නාන බේසම්, සබන් හෝ ටැල්කම් පුයර භාවිතා නොකරන්න
  • ඔබට මුත්‍රා යාමේ අවශ්‍යතාවය දැනෙනවා නම් මුත්‍රා නතර කරගෙන නොසිටින්න
  • නයිලෝන් වැනි තද, කෘත්‍රීම යට ඇදුම් අඳින්න එපා
  • තද ජීන්ස් හෝ කලිසම් අඳින්න එපා
  • ශුක්‍රාණු, ඩිම්බය අසලට යාම වළක්වන ද්‍රව්‍ය අඩංගු කොන්ඩම් හෝ ඩයප්‍රම් භාවිතා නොකරන්න - ඉහත කී රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන ශුක්‍රාණු යාම වළක්වන ක්‍රමයක් හෝ වෙනත් ආකාරයක උපත් පාලන ක්‍රමයක් උත්සාහ කරන්න
මුල් ප්‍රභවය